ප්රවීන බෙන්ගාලි සිනමාකරු දිවි ගමන අත්හරියි
ප්රවීන බෙන්ගාලි සිනමාකරු ම්රිනාල් සෙන් අභාවප්රාප්ත වී තිබේ.
ඉන්දියාවේ කල්කටා හි පිහිටි සිය නිවසේ දී ඔහු මියගොස් ඇති අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 95 කි.
ආකාශ් කුසුම්(1965), භුවන් ශෝම්(1969), ම්රිගයා(1976), කල්කටා 71 (1971), ඛන්ධර්(1984), අන්තාරින්(1993) වැනි සිනමා නිර්මාණ ඔස්සේ ම්රිනාල් සෙන් ප්රේක්ෂකයා අතරට ගියේ ය.
පද්ම භූෂණ සම්මානයෙන් ද පිදුම් ලබා ඇති මෙම ප්රවීන සිනමාකරුවා අන්තර්ජාතික සිනමා සම්මාන 12කට හිමිකම් කියා ඇත.