ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරන රජත පුස්තක සම්මානය සඳහා නිර්මාණ බාර ගැනීම ආරම්භ කර තිබේ.
ඒ අනුව ප්‍රකාශන නාමයක් යටතේ මුද්‍රණය වූ නිර්මාණ ජනවාරි 10 ට පෙර සංවිධායකයින් වෙත යොමු කළ යුතු ය.
2018 වසර සඳහා රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ කාව්‍ය සංග්‍රහ, කෙටිකතා සංග්‍රහයන්, යොවුන් නවකතා තරගයට ඉදිරිපත් කළ හැකි අතර එක් කෘතියකින් පිටපත් 7 ක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
එසේම කර්තෘ ප්‍රකාශන හෝ පරිවර්තන කෘති මේ සඳහා සුදුසුකම් නොලබ යි.
ජයග්රාහකයාට රුපියල් 250,000ක් සහ නිර්දේශිත කතුවරුන්ට රුපියල් 50,000 බැගින් පිරිනැමෙන අතර සම්මාන ද හිමි වේ.
වැඩි විස්තර සඳහා 0112 2696821 දුරකථන අංකය අමතන්න.