ස්වර්ණ පුස්තක සම්මානය සඳහා ජනවාරි 10 තෙක් නිර්මාණ භාර ගැනේ
සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය “ස්වර්ණ පුස්තක සම්මානය” සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
නිර්මාණ භාර ගැනීම ජනවාරි 10 වැනිදායින් අවසන් වේ.
මුද්‍රණ ප්‍රකාශන නාමයක් යටතේ ප්‍රකාශිත නවකතාවේ පිටපත් 10ක් සම්මානය වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු අතර ඉන් පිටපත් 7ක් සඳහා සියයට 50 ක මුදලක් සංගමය ගෙවනු ලැබේ.
කොටස් වශයෙන් පුවත්පත්වල හෝ වෙනත් මාධ්‍යයක පළ වූ නිර්මාණ කෘති ස්වර්ණ පුස්තක සම්මානය සඳහා සුදුසුකම් ලබන්නේ නැත.
ජයග්රාහකයාට ස්වර්ණ පුස්තක සම්මානය ඇතුළුව රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් හිමිවන අතර නිර්දේශිත සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බව සංවිධායකයෝ පවසති.
වැඩිදුර විස්තර සඳහා 0112 2696821 දුරකථන අංකය අමතන්න.