දමිතා විවාහයට සුදානම්
සම්මානිත රංගන ශිල්පිනි දමිතා අබේරත්න රංගනයට පමණක් නොවේ හඬ කැවීමට මෙන්ම ගායනයට ද දක්ෂතාව දක්වන කලාකාරිනියක්.
උදා වූ වසරේ තමන් විවාහ වීමේ සුදානමකින් පසුවන බව ඇය සතිඅන්ත පුවත්පතකට ප්රකාශ කර තිබුණා. ඒ අනුව මෙම වසරේ දී නිසැකවම විවාහ වන බවයි දමිතා සඳහන් කර සිටියේ.
“අපි දෙදෙනා දැන හඳුනාගෙන දැන් වසර පහළොවක් ගතවුණා. විශ්වාසය සහ බැඳීම නිසයි අපිට මෙතරම් කාලයක් අපේ සම්බන්ධය පවත්වාගෙන යෑමට හැකිවුණේ. ඉතින් සරස්වතී මෑණියො මට කලාව දුන්න වගේ මගේ ජීවිතයේ ඔය අඩුපාඩුවත් මේ වසරේ ඉටු වේවි.”
කොහොම නමුත් ඇය පවසා තිබුණේ ලොකුවට මඟුල් නොකා දන්නා කියන කිහිප දෙනකුට කියලා පොඩියට විවාහ උත්සවයක් ගැනීමට සිතාගෙන සිටින බවයි.