මිෂෙල් ඔබාමාගේ “බිකමින්ග්” වසරේ අනර්ඝතම කෘතියයි
ඇමරිකා එක්සත් ජනපද හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මතකාවර්ජනය “බිකමින්ග්” පසුගිය වසරේ වඩාත් අනර්ඝතම ග්රන්ථය බව “ද බුක්සෙලර්” සඟරාව පවසයි.
නත්තලට පෙර ජනගත කළ මෙම කෘතිය ඉහළ අලෙවි වාර්තා තැබූ අතර එය මුදලින් පවුම් මිලියන 7.7 කි.
“බිකමින්ග්” වසරේ හොඳම අලෙවිය සනිටුහන් කළ ග්රන්ථය නොවන නමුත් එය උචිතම අවස්ථාවේදී පාඨකයා අතට පත්වූ බව ද බුක්සෙලර් ප්රකාශන සඟරාවේ කතෘ ෆිල් ජෝන්ස් ප්රකාශ කරයි.
චිකාගෝ නුවර සිට ධවල මන්දිරය දක්වා ආ ගමන් මගේ මතකයන් ආවර්ජනය කරමින් මිෂෙල් ඔබාමා මෙම කෘතිය රචනා කර තිබේ.