රුක්මනී දේවි සමරු ගී ප්රසංගය 15 වැනිදා
අසහාය රංගන සහ ගායන ශිල්පිනි රුක්මනී දේවිගේ 96 වැනි ජන්ම දිනය නිමිත්තෙන් “රුක්මනී දේවි සමරු ගී ප්රසංගය” එළඹෙන 15 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
එදින පෙරවරු 9.30 ට කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ කාන්තා සමිති සම්මේලන ශාලාවේ දී ප්රසංගය පැවැත්වේ.
කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස එහිදී ප්රධාන දේශනය සිදු කිරීමට නියමිත ය.
රුක්මනී දේවි අනුස්මරණ සංගමය සංවිධාන කරන මෙම ප්රසංගය සඳහා එම සංගම් සාමාජික සාමාජිකාවෝ ගීත ගායනා කරති.
එසේම රුක්මනී දේවියගේ ඡායාරූප, විශේෂාංග ලිපි සමඟින් ග්රැමෆෝන් ප්රදර්ශනයක් ද මිට සමගාමිව පැවැත්වේ.