අවුරුදු 50 හෝ ඊට වඩා වැඩි වයස් කාන්තාවන්ට ප්‍රේම කිරීමට තමන්ට අපහසු බව පැවසූ එම වයසේම පසුවන ප්‍රංශ කතුවරයකුගේ ප්‍රකාශයක් දැඩි විවේචනයට ලක් වී තිබේ.
මේරි ක්ලෙයා සඟරාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී Yann Moix නම් මෙම ලේඛකයා පවසා ඇත්තේ එම වයසේ පසුවන කාන්තාවන් “ඉතා වියපත්” බවයි.
“මම තරුණ කාන්තාවන්ගේ සිරුරුවලට වැඩි කැමැත්තක් දක්වනවා. අවුරුදු 25 ක වයසේ කාන්තාවකගේ සිරුර හරි සුවිශේෂී යි. 50 ගණන්වල පසුවන කාන්තාවකගේ සිරුර එහෙම නැහැ,” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
මෙම අදහස් දැක්වීම සමාජ මාධ්‍යජාල අවුළුවාලීමට සමත්ව තිබේ.
වයස 50 ගණන්වල පසුවන ජෙනිෆර් ඇනිස්ටන් වැනි හොලිවුඩ් තරු උදාහරණයට ගෙන ප්‍රංශ කතුවරයාගේ ප්‍රකාශයට බොහෝ දෙනකු සිය විරෝධය පළ කර ඇත.