සිනමාවේදී ඉන්දික උඩුගම්පොලගේ ඒකාංගික ටෙලි මාලාවක් වන “අවනඩුවක සටහන්” එළඹෙන ජනවාරි 12 වැනිදා සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතව තිබුණි.
වසර 14 කට පෙර නිෂ්පාදනය කළ මෙම ඒකාංගික ටෙලි නාටක දොළොස විකාශය නැවත්වීමට ජාතික රූපවාහිනිය කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා.
“අවනඩුවක සටහන්” නිෂ්පාදනය කර වසර ගණනක් ගතව ඇතැයි පවසමින් රූපවාහිනී වෘත්තීය සමිති එම නිර්මාණය විකාශයට විරෝධය පා ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම අවනඩුව සම්බන්ධයෙන් ප්‍රවීන රංගවේදී ඩබ්. ජයසිරි සිය මුහුණු පොතේ මෙසේ සටහනක් පළ කර තිබුණි,
“ “අවනඩුවක සටහන්” අසාධාරණය ගැන සටහනක්
මේ ඒකාංක ටෙලිනාටක දොලහකි.අධ්‍යක්ෂණය ඉන්දික උඩුගම්පොළ ගෙනි.පාදක වූයේ එරික් ඉලයප්පාරච්චි,කීර්ති වැලිසරගේ හා පියල් කාරියවසම් ලියූ කෙටිකතා මාලාවකි.මෙම ඒකාංක ටෙලිනාටක වෙනුවෙන්ම ලියැවුනු කෙටිකතා ය.ප්‍රධාන රංගන ශිල්පීන් සිරිල් වික්‍රමගේ,ටෝනි රණසිංහ.සුමින්ද සිරිසේන,හේමසිරි ලියන්ගේ,නීල් අලස්,එඩ්වඩ් ගුණවර්ධන,ඩබ්ලිව.ජයසිරි,ලූෂන් බුලත්සිංහල,ලාල් කුලරත්න,ලක්ෂමන් මැන්දිස්,ශ්‍රියන්ත මැන්දිස්,ඩග්ලස් රණසිංහ,නිහාල් ප්‍රනාන්දු,ප්‍රියංකර රත්නායක,ඥානාංග ගුණවර්ධන,රුක්මාල් නිරෝෂ්,බිමල් ජයකොඩි, චන්ද්‍රසෝම බිංදුහේවා,විශ්වජිත් ගුණසේකර,ප්‍රසන්නජිත් අබේසූරිය,ඩී.බී.ගංගොඩතැන්න,ප්‍රියන්ත සිරිකුමාර, කේ.ඒ.මිල්ටන් පෙරේරා,නිලූප හීන්කෙනදආරච්චි, ච්න්ද්රා කලුආරච්චි,නිලන්තී විජේසිංහ,කෞශල්‍යා ප්‍රනාන්දු,දීපානි සිල්වා,ගීතාකාන්ති ජයකොඩි,සුනීතා විමලවීර,සේමිණි ඉද්දමල්ගොඩ,නයනා හෙට්ටිආරච්චි, නදී කම්මැල්ලවීර,ශ්‍යාමලී වරුසවිතාන,ලුද්මිලා කිරිල්ලෝවා ඇතුලු පණහකට අධික අතිරේක නලුනිළියන් ය.කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, ප්‍රභාත් නිරෝෂන්,කලා අධ්‍යක්ෂණය සුනිල් විජේරත්න, සංගීතය කසුන් කල්හාරා,සංස්කරණය රුක්මාල් නිරෝෂ්,සහාය අධ්‍යක්ෂක අසෝක අතාවුදහෙට්ටි හා නිෂ්පාදනය රාජා රණසිංහ.
වියලි කලාපයේ ජනජීවිතයේ දුක්ඛදෝමනස්සයන් මෙම ඒකාංක ටෙලිනාටක දොලහේ යථාර්ථවාදී ලෙස සටහන් වී ඇත.නිර්මාණය අවසාණ කර දැනට අවුරුදු දහහතරක් වේ.ඒ කාලයේම ප්‍රදර්ශනය සඳහා අවස්ථාව ලැබුනේ නම් එය සමකාලීන ජනජීවිතයේ ගැඹුරු පැතිකඩක් අනාවරණය කරන කලා නිර්මාණය.අද එය කදිම කලාත්මක අනුවාරික(Periodical) ටෙලිසිත්තම්ය.
රූපවාහිනී වෘත්තීය සමිති මෙම ඒකාංක ටෙලිනාටක විකාශයට විරුද්ධ එම නිර්මාණ පැරණි නිසාලු. නිෂ්පාදනය අවසන් වී අවුරුදු 14ක් ගතවීම හැර එහි පැරණි බවක් නො මැත.ප්‍රේක්ෂකයා නරඹන්න යන්නේ අලුත්ම ඒකාංක ටෙලිනාටක දොලහකි.
“නොව පැරැණිය,වන රමණීය විටින් විට....”,එක වතාවක් අපට එය නැරඹීමට ඉඩදෙන්න.”