ධර්මදාස වල්පොල කලාකරුවා නමින් මාවතක් විවෘත කෙරේ
තිස් වසරක් පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස් සිය මධුර ගායනයෙන් පිනවූ ධර්මදාස වල්පොල කලාකරුවාණන් අප අතරින් වියෝ වී තිස් පස් වසරක් සම්පුර්ණ වීම නිමිත්තෙන් ගුණ සමරු වැඩසටහන් පෙළක් සංවිධාන කර තිබේ.
මහනුවර ධර්මදාස වල්පොල රසික සමාජය විසින් සංවිධාන කරන මෙම ගුණ සමරු වැඩසටහන් පෙළ 12 වැනිදා දක්වා පැවැත්වේ.
ඒ අනුව අද (10) දිනයේ වල්පොල පවුලේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන් කැලණි රජමහා විහාර පරිශ්‍රයේ බෝධි පූජා පිංකමක් පැවැත්වේ.
එසේම කැලණිය, වරාගොඩ පාරේ ධර්මදාස වල්පොල සූරීන් පදිංචිව සිටි පෙදෙස එතුමාගේ නමින් නම් කිරීමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව එළඹෙන 12 වැනිදා උදැසන 8.55 ට යෙදෙන සුබ නැකතින් එම මාවත විවෘත කිරීමට නියමිත ය.
එම අවස්ථාව සඳහා ප්‍රවීන රංගන ශිල්පින් දෙදෙනකු වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ සහ රවින්ද්‍ර රන්දෙණිය සහභාගී වන බවට වාර්තා වේ.