මේ ඇවිල්ලා හිටපු කණ්ඩායම දැක්කහම මම විශ්මයට පත්වුනා.
මේ ඇවිල්ලා හිටපු කණ්ඩායම කව්ද?-
මම සිනමාවේ අවුරුදු 40ක් ඉඳලා තියෙනවා.
මේ රටේ හත්පාරක් හොඳම නිළිය වෙලා තියෙනවා.ජනප්‍රිය නිළිය වෙලා තියෙනවා.
අපේ කාලෙදි අපි අඳුරන්නැති මේ ටෙලිනාට්‍ය වල රගපාන අය ඇවිල්ලා මාධ්‍ය ගැන කතාකරනවා.මොකද්ද මේ ?
කව්ද මාධ්‍ය නිදහස නැති කරලා තියෙන්නෙ?
මාධ්‍ය විනාශ කළේ කව්ද?
මාධ්‍යට ගැහුවේ කව්ද?
ඇත්ත හොයාගන්න කියන්න මේ එක එක අයට කඩේ යන්නෙ නැතුව.
මේ ගොල්ලො එක එක කණ්ඩායම් හැටියට කඩේ යන ගමන් තමයි මේ ඇවිත් තියෙන්නෙ.ඊගාවට මොනවා දෙනවා කියලා අඩාගෙන ඔය කට්ටිය එයිද දන්නෙ නැහැ.
මේ ගොල්ලො ඉපැදිලා තියා අම්මලගේ බඩේවත් ඉන්න නැතුව ඇති අපි කලාලෝකෙට එනකොට.
දැන් මේ මහලොකු කලාකාරියෝ කියන කට්ටිය කව්ද මේ?කව්ද මේ?
ගීතාගේ ප්‍රශ්න කිරීම් වලට මෙසේ පිළිතුරු සටහන මෙහිම ලියමි.
මේ ඇවිල්ලා හිටපු කණ්ඩායම කව්ද? ඇවිල්ලා හිටියේ කෞෂල්‍යා ප්‍රනාන්දු-සෝමලතා සුබසිංහගේ වැඩිමහල් දියණිය සම්මානලාභී වේදිකා නාට්‍ය අධ්යක්ෂවරියක්, රංගනවේදිනියක්, කොළම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් සහ සම්මානලාභී සිනමා රංගන වේදිනියක්, ගායිකාවක් වේදිකා නාට්‍ය සම්බන්ධව ලංකාවේ සිටින ප්රමුඛ පෙළේ ගුරුවරියක්. ඇය විකෘති වේදිකා නාට්‍යයේ සිට සිරස විසින් මිළදී ගෙන පෙන්වන්නට සූදානම්කොට ඇති තාල චිත්‍රපටය දක්වාත් ඉදිරියේ තිරගතවීමට ඇති තවත් චිත්‍රපට කිහිපයකත් විශිෂ්ට රංගනයේ යෙදෙන්නියක්.
චාන්දනී සෙනෙවිරත්න- මෙරට සිටින රංගන ශිල්පිණියන් අතර අති දක්ෂ ප්රමුඛ රංගන ශිල්පිණියකි.ඔබ රගපෑ චිත්‍රපටයක ද ඇය එකළ රංගනයෙන් දායකවිය. ඇය වේදිකාවේත්, සිනමාවේත් ,ටෙලි නාට්‍යයේත් ඔබ ට වඩා සම්මාන ගෙන ඇත්තේ හොඳම රංගන ශිල්පිණිය ලෙසය. ඇය ටෙලි නාට්‍ය අධ්යක්ෂවරියකි.
සමනළි ෆොන්සේකා-මාලිනී ෆොන්සේකාගේ සහෝදරයාගේ දියණියයි. සමනළී විශ්වවිද්‍යාල උපාධිදාරිණියකි. ඇය ප්රථිභාපූර්ණ රංගන ශිල්පිණියකි. සම්මාන ලාභිනියකි.ඇය රගපෑ චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට නියමිත අතර සමනළී වර්තමාන තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියකි.
විමුක්ති ජයසුන්දර - ලොව පිළිගත් විශිෂ්ට සිනමා සම්මාන උළෙලක් වූ කාන් සිනමා උළෙලේ හොඳම විදෙස් සිනමා නිර්මාණයට හිමි සම්මානය දිනා මෙරටට සිනමාව ජාත්‍යන්තර තලයේ ඉහළට ඔසවා තැබූ ලාබාලම සිනමා අධ්‍යක්ෂවරයාය.ලොව ප්‍රකට සිනමා අධ්යක්ෂවරුන් අතර සිටින සිනමා අධ්යක්ෂවරයෙකි.
ඔබ සිනමාවේ සිටි අවුරුදු 40 පිළිබඳ කිසිවෙකුට ගැටළුවක් නැත. මේ දක්ෂ තරුණ කලා කරුවන් පිළිබඳව ඔබ නොදැන සිටීම පිළිබඳ කනගාටු වන්නෙමු
හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය ලෙස සම්මාන ලැබීම ගැන සතුටු වන්නෙමු. මේ රංගන ශිල්පීන්ද සැබෑ ලෙසම මේ රටේ ජනප්‍රිය මෙන්ම හොඳම රංගන ශිල්පීන්ලෙස සම්මානයට පාත්රවූවන්ය.
ඔබ මේ අය නොහඳුනනවා වූවාට මේ සම්මානලාභී කලාකරුවන් රටක්ම අඳුනයි. ආදරය කරයි .ගෞරව කරයි. මේ අයට මාධ්‍ය නිදහස ගැන කතාකරන්නට ඔබට මෙන්ම අයිතියක් ඇත. කලාකරුවන්ට පමණක් නොව මේ රටේ ඔිනෑම පුරවැසියෙකුට මාධ්‍ය නිදහස පිළිබඳ කතාකිරීමට ප්‍රශ්න කිරීමට අයිතියක් ඇත.
මාධ්‍ය නිදහස නැතිකළේ කව්ද ? මාධ්‍ය විනාශ කළේ කව්ද? මාධ්‍යට ගැහුවේ කව්ද?යන්නට සරල පිළිතුර ලසන්ත, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, එක්නැලිගොඩ, උපාලි තෙන්නකෝන් ඇතුළු දෙමළ, සිංහල ජනමාධ්‍යවේදීන් ට පහරදීම්, මරාදැමීම, අතුරුදහන් කිරීම්, මෙන්ම මාධ්‍ය ආයතන සීල් කිරීම්, ගිනිතැබීම්, කඩා පැනීම් ආදිය සිදුකළේ මහින්ද රාජපක්ෂ ඇතුළු සහෝදර සමාගම බව සිහි කැඳවමි.
මෙම කලාකාරිණියන් ඇතුළු සිවිල් සමාජ නියෝජිතයින්ද මේ සියළු මාධ්‍ය ආයතනවළින් ඉල්ලා සිටියේ සත්‍ය වාර්ථා කරන ලෙසත් දේශපාලන පක්ෂක්ග්රාහීත්වයකින් තොරව නිවැරදි තොරතුරු ජනතාවට වාර්ථා කරන ලෙසත්ය.
ඔබ, ඔබේ භාෂවෙන්ම කියනවානම් දේශපානයවෙනුවෙන්ක ඩේ ගියාට මේ කිසිඳු කලාකරුවෙක් හෝ කලාකාරිණියක් කිසිඳු පුද්ගලයෙකුට, පක්ෂයකට කඩේ ගොස් නැති බව අවධාරණය කරණුු කැමැත්තෙමි.
මනෝහාරී