තෛපොංගල් දිනය අදයි
ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ.
හින්දු දින දර්ශනයට අනුව තෛපොංගල් දිනය යනු වසරේ පළමු දිනයයි.
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කරගනිමින් සශ්රිකත්වය ළඟා කරගැනීම උදෙසා හිරු දෙවියන් ලබාදුන් ශක්තියට කෘතගුණ සලකමින් හිරු දෙවියන් උදෙසා පුද පුජා පැවැත්වීම තෛපොංගල් දිනය දා සිදු කෙරේ.
ස්වභාවධර්මයා සමඟ සම්බන්ධව සිදු කෙරෙන මෙම පූජා උත්සවයට හින්දු සංස්කෘතියේ ප්රමුඛ ස්ථානයක් හිමි වේ.