මකුණු උවදුරක් නිසා Majestic City සාප්පු සංකීර්ණයේ පිහිටි ද සුපීරියර් සිනමාහළ තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
ඊයේ (14) දින ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම පියවර ගත් බව කොළඹ මහනගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පවසා ඇත.
පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව පලිබෝධ මර්දන නිලධාරීන් ඇතුළු නිලධාරී කණ්ඩායමක් සමඟ සිනමා ශාලාව පිරික්සීමට ගිය බවත් එහිදී ආසනවල මකුණු විශේෂයක් සිටින බව හඳුනාගත් බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව සිනමා හළ වසා දමා කෘමින් විනාශ කරන ලෙස ඔහු ආයතන කළමනාකාරිත්වයට දැනුම් දී ඇත. ඊට අවම වශයෙන් දින පහක් ගත වනු ඇති බව පැවසේ.
මෙම සිදුවීමත් සමඟ මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයේ අනෙකුත් සිනමා ශාලා ද පරික්ෂාවට ලක්කර ඇති අතර එවැනි කෘමි උවදුරක් වාර්තා නොවූ බව කොළඹ මහනගර සභා ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා ප්‍රකාශ කර ඇත.
ඩේලි මිරර් ඇසුරින්