ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළලේ සිංහල දිනය 19 වැනිදා
ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උළලේ සිංහල දිනය එළඹෙන ජනවාරි 19 වැනිදා උදැසන 9 සිට සවස් වනතෙක් ගාල්ල Jetwing Lighthouse හෝටලයේදී පැවැත්වීමට නියමිත ය.
එදින ඇතුලත් වීම නොමිලේ වන අතර එහි වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ.
නූතන ම සිංහල කවියේ අද්‍යතන සමාජ පිළිබිඹුව- පෙ.ව. 9.00 - පෙ.ව. 10.30
රුවන් බන්දුජීව, ළහිරු කිතලගම, කල්පනා ඇම්බ්‍රෝස්
මෙහෙයවීම : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
අතීතය සහ මතකය : සිංහල සාහිත්‍යයේ ස්ව ජීවන අත්දැකීම් - පෙ.ව. 10.45 - ප.ව. 12.15
ශාන්ති දිසානායක, අජිත් පැරකුම් ජයසිංහ, සහන් කසීර වික්‍රමසිංහ
මෙහෙයවීම : අනෝමා රාජකරුණා
ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත ලේඛක මඩුල්ල සමග සංවාදය- ප.ව. 1.00 - ප.ව. 3.00
අරුණ ප්‍රේමරත්න , සේපාලි මායාදුන්නේ, ජී. බී. ජයසේකර, පද්මිණී සෙනවිරත්න, තරංගනී රෙසිකා ප්‍රනාන්දු
මෙහෙයවීම : ආචාර්ය ජයලතා මැදවත්ත
ලාංකේය වේදිකාව අභියස නාට්‍ය පරිවර්තන : බහුමානික විමසුමක් - ප.ව. 3.15 - ප.ව. 4.45
අශෝක හඳගම, කෞෂල්‍යා ප්‍රනාන්දු, අචින්ත්‍ය බණ්ඩාර
මෙහෙයවීම : ප්‍රියන්ත ෆොන්සේකා