තවත් හඬ කැවීම් ශිල්පින් දෙදෙනෙක් සිරස අතහරියි
සිය සහෝදර කලාකරුවන්ට එරෙහිව සිරස රූපවාහිනී නාලිකාව සිදු කරමින් සිටින අපහාසයට විරෝධය පළ කරමින් තවත් හඬ කැවීම් ශිල්පින් දෙදෙනකු එම නාලිකා හඬ කැවීම් වලින් ඉවත්ව ඇති බව වාර්තා වේ.
මෙසේ ඉවත් ව ඇත්තේ සංජය ඈපා සෙනවිරත්න සහ චමින්ද ජයසුරිය යන කලා ශිල්පින් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සම්මානිත කලාශිල්පි ශ්‍යාම් ප්‍රනාන්දු ද මින් පෙර සිරස නාලිකාවේ හඬ කැවීම්වලින් ඉවත්ව තිබුණි.