හඩ කැවීම් ශිල්පීන් සිරස ආයතනයේ කටයුතු කිරීමෙන් ඉවත්වෙමින් සිටී. ශ්‍යාම් ප්‍රනාන්දු ගත් තීරණයක් සමග සංජය ඈපා සෙනෙවිරත්න චමින්ද ජයසූරිය සහ මේ වනවිට මිරර්ආර්ට්ස් වෙත වාර්ථාවූයේ ප්‍රකට වේදිකා සිනමා හා රූපවාහිනී රංගන ශිල්පිණියක වන ජයනි සේනානායකද එයින් ඉවත්ව ඇති බවයි.
මේ සියලු දෙනාම සිය හඩ කැවීම් වෘත්තියේ කාලාන්තරයක් තිස්සේ රැුදී සිටින කලාකරුවන් වෙයි. ආර්ථික වටිනාකම්වලට වඩා සාරධර්ම ගුණධර්ම අගය මැනවින් ප්‍රදර්ශණය කරමින් තම සහෝදර රංගන ශිල්පීන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂෘ කරමින් ඔවුන් දක්වන මේ විරෝධව සුළුපටු නොවේ.
කෙසේවුවත් මේ පිළිබඳව මිරර්ආර්ට්ස් ජනවාරි 10 මාධ්‍ය ඉදිරිපිට විරෝධතා දැක්වූ කණ්ඩායමේ සාමාජික කලාකකරුවෙකුගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ අපිට මව්බිම හෝ සිරස සේවක සේවිකාවන් සමග කිසිඳු ගැටුමක් අමනාපයක් නැහැ. පෞද්ගලික මඩ ගැසීම් හෝ විකෘති තොරතුරු සන්නිවේදනය කිරීම තුළින් අපි පෙනී සිටින ආස්ථානය වෙනස් වෙන්නෙත් නැහැ. කලාකරුවන් මාධ්‍ය ආයතනවලට විරෝධය පාමින් වැඩ සටහන් වලින් ඉවත්වීම සංවේදී කාරණයක්. මේ අයගෙ ආරථික තත්ත්වයට යම් කිසි බලපෑමක් වන දෙයක්. නමුත් ඔවුන් කරන ලද කැපකිරීම ට ගරු කරනවා. යනුවෙනි