“ගින්නෙන් උපන් සීතල” සහ “සංගිලි” අද රිදී තිරයට
මෙම වසරේ ආරම්භක සිනමාපට ලෙස අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයත් ලලිත් පන්නිපිටියගේ “සංගිලි” සිනමාපටයත් අද දින (18) සිට දිවයින පුරා සිනමාශාලා හි ප්රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
සිංහල සිනමාපටයක් ඉතිහාසයේ ප්රථම වරට ඔස්කාර් සම්මාන උළලේ ප්රධාන ධාරාව නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගත් ගින්නෙන් උපන් සීතල (Frozen Fire) රෝහණ විජේවීරයන්ගේ ජිවිත කතාව අළලා සැකසුණු සිනමා කෘතියකි. කමල් අද්දරආරච්චි, ජගත් මනුවර්ණ, සුජීව ප්රියලාල්, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ප්රියන්ත සිරිකුමාර, දීපානි සිල්වා ඇතුළු පිරිස මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ. ගින්නෙන් උපන් සීතල සී. ඊ. එල් මණ්ඩාලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ.
“සංගිලි” චිත්රපටය සඳහා ප්රධාන චරිතය සඳහා දුලානි අනුරාධා පණ පොවන අතර සනත් ගුණතිලක, වීණා ජයකොඩි, වසන්ති චතුරාණි, සාරංග දිසාසේකර, අනූෂා සොනාලි, රෙබෙකා නිර්මලි, විමල් කුමාර ද කොස්තා, මොහාන් හෙට්ටිආරච්චි ඇතුළු පිරිසක් සෙසු චරිත වෙනුවෙන් රංගන දායකත්වය සපයා ඇත. මෙය ලලිත් පන්නිපිටියගේ දෙවැනි සිනමා නිර්මාණය වේ.