‘‘මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි.
ඒ, ලංකාවේ සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ ක්ෂිතිය යි. අප දන්නා අහිංසක බුද්ධාගම යක්ෂයෙක් ලෙස විපරිණාමය වීම අපේ පැත්තෙන් අධ්‍යයනය කළ යුතු යමක් විය. එම බෞද්ධ අහිංසක බව විසින් මීට පෙර පවා විප්ලව දෙකක් පොළොවටම චප්ප කර දමා තිබුණ සන්දර්භයක් තුළ ඒ පීඩනයට ලක් වුවන් තුළින් පවා මේ අධ්‍යයන වගකීම ඉටු වුවේ නැත. මෙවන් දෙයක් අමාරුවෙන් කරද්දී පවා වමේ ම පාර්ශව වෙතින් අප වෙත ප්රක්ෂේපණය කළේ කුණුහරප වීම තවත් දෛවෝපගත බුද්ධාගමේ ම සංවර්ධනයක් විය. අපේ ව්‍යායාමය පරිපුර්ණ යැයි (පරිපුර්ණ බව අවසන් වන්නේ සමස්තතාවය තුලින් ය) අපි නොකියමු. කිසිවක් නොතිබීම වෙනුවට පවතින දෙය රෝග ලක්ෂණයක් බව ද අපි දනිමු. දැන් ඉතින් අවම වශයෙන් රෝග ලක්ෂණයක් හෝ ඇත. එයින් අදහස් කරන්නේ රෝග ලක්ෂණය ඔබ දන්නේ නම් සායනික ඇඳ මත තැබීමට දෙයක් දැන් ඇති බව ය. මෙතෙක් එය හෝ පැවතුණේ නැත. ශුන්යතාවට නලින් බිය වුවාට අපි බිය නැත. ශුන්‍යතාවෙන් ගැලවීමට ඔහුට සිංහල අනන්‍යතාව අවශ්‍ය වේ. නමුත් මෙලොවට විසි කර දමා ඇති අපට ශුන්‍යතාව යනු අලුත් දෙයක් නොවේ. අප තුළ කිසිවක් නැති බව පිළිගැනීමට ධෛර්යක් තිබිය යුතුය. අනෙකා තුළ කිසිවක් නොමැති බව දැන දැනත් ඔහුව හෝ ඇයව වැළඳ ගැනීමට නම් ඊටත් වඩා ධෛර්යක් තිබිය යුතුය. එනම් කොකා කෝලා බීමට ධෛර්යක් අවශ්‍ය ය. කොකා කෝලා යනු ඒ ශුන්‍යතාවයේ නමයි. ඉතිං (වී වෙනුවට) රෝස මල (ශුන්‍යතාවය) ඇත්තේ මෙතැනය.
ඔව් මෙතන නටන්න!
ජනවාරි 29 දා 3.00 ට මහවැලි කේන්ද්‍රයට එන්න.