කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයට ආධාර පිණිස සංවිධාන කරන ප්‍රාර්ථනා ලයිව් ඉන් කොන්සර්ට් (Prarthana-Live in Concert) ප්‍රසංගය 26 වැනි සෙනසුරාදා සවස 7.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.
ප්‍රවීන ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මූලිකත්වයෙන් සිදු කරන මෙම ප්‍රසංගය සඳහා ආචාර්ය වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, ඇනස්ලි මාලේවන, මරියසෙල් ගුණතිලක, කොරින් අල්මේදා, ජානක වික්‍රමසිංහ, සමිතා මුදුන්කොටුව, කසුන් කල්හාර, මිහිඳු ආරියරත්න ගීත ගායනයෙන් එක් වේ.
‘ශ්රැති‘ සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයන අතර චන්න විජේවර්ධනයන් නර්තන අධ්‍යක්ෂණයෙන් මීට දායකත්වය ලබා දෙයි. කථනය කැලුම් ශ්‍රීමාල් විසිනි. එසේම රංගන ශිල්පිනි පූජා උමාශංකර් එහිදී විශේෂ ඉදිරිපත් කරන්නියක ලෙස සහභාගී වීමට නියමිත ය.
ප්‍රාර්ථනා ප්‍රසංගය සම්බන්ධයෙන් ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මෙසේ අදහස් පළ කළේ ය.
“රුධිරය ආශ්රිත පිළිකාවලට (ලියුකේමියා) ගොදුරුවී සිටින දරුවන් සහ වැඩිහිටි අයට ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම මඟින් ජීවිත අවධානමෙන් බේරා ගැනීම සඳහා කොතලාවල ආරක්ෂක ආරෝග්‍ය ශාලාවේ ඇට මිදුළු බද්ධ කිරීමේ අංග සම්පූර්ණ ඒකකයක් ස්ථාපිත කිරීම මෙහිදී සිදු කරන්නට සුදානම් වන්නේ. මෙම රෝගයෙන් ශ්‍රී ලංකාවේ වසරකට මිය යන සංඛ්‍යාව 500ක් පමණ වන අතර රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීම මෙන්ම ඉතා අසරණ අඩු ආදායම් ලබන රෝගීන්ට නොමිලේ මෙම සේවාවන් සැපයීම තමයි මෙම කාර්යයේ අරමුණ. අපි මෙම ව්‍යාපෘතිය නම් කළේ ‘ප්‍රාර්ථනා‘ නමින්. අපි පිරිසක් එකතු වෙලා පිහිටුවා ගත් Help Circles Guarantee Limited ආයතනය ප්‍රසංගය සංවිධාන කරන්නේ.ප්‍රසංග පැවැත්වෙන ශාලාව ඇතුළු සියලුම දේ අපට නොමිලයේ ලැබෙනවා. ඒ වගේම මේ සියලුම ශිල්පීන් මෙම ව්‍යාපෘතිය අවසන් වනතුරුම සන්නාම තානාපතිවරු ලෙස කටයුතු කරන්න මා සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරුන්ගේ සහයෝගයත් ජනාධිපති ලේකම් වරුන්ගේ සහයෝගයත් මෙයට ලැබෙනවා. මෙය ස්ථාපිත කළාට පස්සේ ඇමරිකාවේ වෛද්‍ය කණ්ඩායමක් එනවා මෙහි ශල්‍යකර්ම කරන්න. ඔවුන් කාලයක් මෙහි රැඳිලා ශල්‍යකර්ම කරන්න පොරොන්දු වෙලා සිටිනවා. ඉතින් මම හිතනවා මෙය රටට වැදගත් කාරණයක් කියලා. 0775347121 / 0717376565 හෝ 0112826565 යන දුරකතන අංකවලට ඇමතීමෙන් පරිත්‍යාගශීලීන්ට මෙයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මට අපේ රටේ බහුතරයක් කලා කරුවන්ගේ ආශීර්වාදය මෙයට ලැබෙනවා. ඒ නිසා අපේ මේ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරගන්න එකතුවෙන්න කියලා මම මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”