බ්‍රිතාන්‍ය ලේඛිකා ඩයනා අතිල් අභාවප්‍රාප්ත වෙයි
බ්‍රිතාන්‍ය ජාතික සංස්කාරකවරියක සහ නවකතා රචිකාවක වන ඩයනා අතිල් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඇගේ වයස අවුරුදු 101 කි.
මාගරට් ඇට්වුඩ්, ෆිලිප් රොත් සහ VS නායිපෝල් වැනි රචකයින් සමඟ සම්බන්ධව කටයුතු කළ ඩයනා අතිල් සාහිත්‍ය සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.
2008 වසරේ එළිදැක්වූ Somewhere Towards The End කෘතිය වෙනුවෙන් වයස 91 දී ඇය Costa සම්මානය පවා හිමිකරගත්තා ය.
Instead of a letter, Stet: An editor’s Life, A Florence Diary ඇය ලියු කෘති අතුරින් කිහිපයකි.