චීන සිනමා උළෙල අද ඇරඹේ
චීන තානාපති කාර්යාලය සහ ජාතික චිත්රපට සංස්ථාව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන චීන සිනමා උලෙළ එළඹෙන අද (01) සිට පුරා දින හයක් පුරා ජාතික චිත්රපට සංස්ථවේ තරංගනී ශාලාවේදී පැවැත්වේ.
ආරාධිතයින් වෙනුවෙන් වෙන් වුණු උලෙළේ සමාරම්භය සවස 06 ස්ටැන්ලි ටොන්ග් අධ්යක්ෂණය කළ කුංෆු යෝගා සිනමාපටය තිරගත කරමින් පැවැත්වේ.
සෙනසුරාදා සවස තුනට වැන්ග් රුන් අධ්යක්ෂණය කළ අවර් ෂයිනිං ඩේස් සිනමාපටයත්, බොක්ස් ඔෆිස් වාර්තා තැබූ ශොක් වේව් සිනමාපටය එදින සවස හයටයත් තිරගත කෙරේ.
උලෙළේ තෙවැනි දින (03) සවස තුනට සැන්ග් යයිබායිංග් අ බ්ලෝන්ග්ඩ් ටු යූ සිනමාපටය තිරගත වේ. එදින සවස 06 ට ලෙස්ලි චෙන් අධ්යක්ෂණය කළ බැට්ල් ඔෆ් මෙමරිස් සිනමාපටය ප්රදර්ශනය වේ.
සිව් වැනිදා එනම් 04 වැනිදා කුංෆු යෝගා සිනමාපටය මහජන ප්රදර්ශනය, 05 වැනිදා සවස 06 ට රින් ජැක් ඇනවුඩ්ගේ වුල්ෆ් ටෝටෙමි සිනමාපටය, 06 වැනිදා සවස 06 ට බ්රදර්හුඩ් ඔෆ් බ්ලේඩ්ස් සිනමාපටය තිරගත වෙමින් උලෙළේ නිමාව සිදු වනු ඇත.