වට්ස්ඇප් ඔස්සේ පොතක් ලියූ සරණාගතයා ඉහළම සාහිත්‍ය සම්මානයක් දිනයි
ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණය පතා පැමිණ වසර ගණනාවක් මනුස් දූපතේ රඳවා සිටින මාධ්‍යවේදීයකු හට එරට ඉහළම සාහිත්‍ය හිමිව තිබේ.
බෙහෙරූස් බූචානි නම් මෙම ඉරාන ජාතිකයා මනුස් සරණාගත කඳවුරේ සිට වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවිඩ තබමින් ලියූ 'No Friend But the Mountains: Writing from Manus Prison' නම් කෘතියට ඒ අනුව වික්ටෝරියානු සාහිත්‍ය සම්මානය හිමිවුණි.
ඒ සමඟම ඔහුට ඇමරිකානු ඩොලර් 100,000 මුදල් ත්‍යාගයක් ද හිමි වී තිබේ.
බූචානි මේ වනවිටත් පැපුවා නිව් ගිනියාවට අයත් මනුස් දූපතේ රඳවා සිටින අතර ඔහුට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර හිමිවන්නේ නැත.