වර්ගවාදී පාවහන් නිපදවූ බවට ජනප්‍රිය ගායිකාවකට චෝදනා
ජනප්‍රිය ගායිකා කේටි පෙරී පාවහන් වෙළඳ සන්නාමය යටතේ එළිදැක්වූ පාවහන් යුගලක සැලසුම් නිර්මාණ වර්ගවාදී බවට එල්ල වූ චෝදනා නිසා ඒවා එම එකතුවෙන් ඉවත් කිරීමට ඇය කටයුතු කර තිබේ.
ලෙදර් රෙද්ද මත නිල් ඇස් සහ රතු තොල් ලෙස නිර්මාණ වූ මෙම මෝස්තරය සමාජ මාධ්‍ය ඔස්සේ වේදනාකාරී කළු මුහුණකට සමාන කිරීම නිසා තමන් කණගාටුවට පත් වූ බව කේටි ප්‍රකාශ කර ඇත.
අද්‍යතන කලාව සහ අධියථාර්ථවාදයේ අනාගත පිළිබිඹුවක් ලෙස The Rue සහ The Ora නම් මෙම පාවහන් යුගල නිර්මාණය කළ බව කේටි පෙරී සඳහන් කර තිබේ.
“කිසිම කෙනෙක් වේදනාවට පත් කිරීම අපේ අරමුණ නොවෙයි. අපි වහාම ඒවා ඉවත් කළා,” යනුවෙන් වැඩිදුරටත් ඇය පවසා ඇත.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද වෙළඳසල්වල විකිණීමට තබා තිබු පාවහන් පවා ඉවත් කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.