කත්රිනා තනිකඩ ජීවිතයට තිත තියන්න සුදානම්
කත්රිනා කයිෆ් කියන්නේ බොලිවුඩයේ සිටින ඉතාමත් ආකර්ශනීය රංගන ශිල්පිනියක්. වසර 16 කට අධික කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටින ඇය එදා ලෙසටම අදත් සිය ස්ථාවරත්වය එකලෙස තබා ගෙන සිටිනවා. නමස්තේ ලන්ඩන්, රාජ්නිති, නිව්යෝක්, සීරෝ සහ තවත් බොහොමයක් සිනමාපට සඳහා කත්රිනා දැක්වූ නර්තනයෙන් පිරි රංගන දායකත්වය රසික හදවත්වල සේම ඔවුන්ගේ සිත්වලත් නොමැකෙන සටහන් තබා තිබෙනවා. ෆිල්ම්ෆෙයා සඟරාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් අතරතුර තමන්ගේ ආදර ජීවිතය ගැන ඇය පවසා තිබුණේ මෙවැනි දෙයක්,
මේ වනවිට ඔබට පෙම්වතෙක් සිටිනවා ද?
මම ඇත්තටම දන්නේ නැහැ. එහි අවශ්‍යතාව කවදා හෝ මට දැනුනා ද කියලා අවංකවම මම දන්නේ නැහැ. කෙනෙක් මුණගැහෙන එක, ඔහු සමඟින් එළියට යන එකේ කිසිම වැරද්දක් නැහැ. ඒත් ඔබ ඒ වර්ගයේ පුද්ගලයෙක් නොවෙයි නම්, එය අපහසු දෙයක් නේ ද?
2019 වසරේ ඔබේ බලාපොරොත්තු?
(ඉක්මනින් පිළිතුරු දෙමින්) ෆිල්ම්ෆෙයා සම්මානයක්, පෙම්වතෙක්. මට මේ මොහොතේ තනිකඩ වෙන්න වුවමනා නැහැ ඒ වගේම මට මගේම කියලා නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න අවශ්‍ය යි.”