ලාංකේය සිනමාවට 70ක් සපිරෙන මේ වසරේ මේ මාසයේදී දේශීය සිනමා වේ බොහෝ අයට අමතක වූ පිරිසක් සිටිති. ඒ මෙරට දෙමළ ජාතික සිනමා නිෂ්පාදකයන් රසායනාගාර ශිල්පීන් සහ කාර්මික ශිල්පීන්ය. මේ අතරට සංගීත අධ්යක්ෂවරුන් ද වෙති. දමිළ සිනමාවේ ආභාෂයෙන් ප්‍රථමයෙන් ලාංකේය සිනමාව ට අත්තිවාරම් සැකදසුණ අතර ඉන්පසු එය හින්දි සිනමාවේ ආභෂය වෙතට සංක්‍රමණය විය.
ලාංකේය අනන්‍යතාවක් සහිත වූ ප්‍රථම සිනමා නිර්මාණය ලෙස්ටර්ගේ රේකාවෙන් ඇරඹෙන අතර ඉන්පසු බිහිවූ බොහෝ නිර්මාණ සඳහා දෙමළ ජාතිකයින්ගෙන් ලද සහය අපමණය. එම්වී බාලන් ද එවැනි මෙහෙයක් කළ සිනමා අධ්යක්ෂවරයෙක් විය. බාලන් නාරාහේන් පිට ලංකා චිත්‍රාගාරයේ කාර්මික ශිල්පියෙකු ලෙසින් තම සිනමා ගමන ආරම්භ කොට චිත්‍රපට 100යක පමණ රංගනයෙන් ද දායක විය. සිනමා අධ්යක්ෂවරයෙක් බවට පත්වී චිත්‍රපට 11ක් පමණ ඔහු විසින් අධ්‍යක්ෂණය කොට තිබේ.
'ඔබ නැතිනම්', 'හිතහොඳ මිනිහෙක්', 'මගෙ රන් පුතා', 'දෙවියනි සත්‍ය සුරකින්න', 'රහසක් නැති රහසක්', 'තිතට වැඩ', 'මන්ජල් කංකුමම්'ටැක්සි ඩ්‍රයිවර්' නින්ජික්කු නිනි නිර්මාල යන චිත්‍රපට ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටය. මම ගන්නෙමි කරකාර බන්දා පුංචි ජනප්‍රිය ගීතය ඔබට මතකනම් එම ගීතය අඩංගු වූයේ 'හිත හොඳ මිනිහෙක්' නිර්මාණයේය.බාලන් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට අතරින් වඩාත් ජනප්‍රියට පත්වූයේ හිත හොඳ මිනිහෙක් චිත්‍රපටයයි. දේශීය සිනමා කර්මාන්තයේ සක්‍රීයව දායක ව සිනමා කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් බාලන් ඇතුළු බොහොමයක් ද්‍රවිඩ සිනමාකරුවන් කළ මෙහෙය විශාලය.1941 මාර්තු 03 දින සබරගමු පළාතේ යටියන්තොට උපන් එම් වී බාලන් නොහොත් මහදේවන් වේළුපිල්ලෙයි බාලක්‍රිෂ්ණන් මෙලොවින් සමුගෙන ඇත.
දේශීය සිනමාව පෝෂණය කිරීම උදෙසා උරදුන් මෙවන් මිනිසුන් ට මේ රටේ නිසි තැනක් නොලැබුනත් සිනමාවට 70 වසරක් සපිරෙන කාල වකවානුවකවත් මෙවන් මිනිසුන්ගේ කාර්්‍ය භාරය අගය කිරීමට කිසිඳු රාජ්‍ය නිළධාරියෙකු මැදිහත්ව වැඩ කටයුතු නොකරීම අපේ කාලයේ අවාසනාවකි.
ජායාරූප විනීතා කරුණාරත්න ගෙනි