ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රන්ජනී රචිත “විමර්ශී” එළිදකියි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සීතා රන්ජනී විසින් රචිත “විමර්ශී” මානුෂවාදී ගැටළු වාර්තාකරණයේ දී ජනමාධ්‍ය සතු සමාජ වගකීම ඉටු කළ ආකාරය නම් තීරු ලිපි සංග්‍රහය මාර්තු 8 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදිනී සීතා රන්ජනී සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහනක්,
“මාර්තු 8 වෙනිදා මගේ උපන් දිනය යෙදෙනවා. ඒ වගේම මගේ මාධ්‍ය ජීවිතයට වසර 40ක් වෙනවා. උපන් දිනයවත්, වැඩ කළ කාලයවත් විශේෂයක් නෙමෙයි. ඒත් බොහෝ දෙනා නොසිතූ ලෙස මට පිළිකාව කියන රෝගයට අභියෝග කරන්නට හැකි වීම ජයග්රහණයක්නේ. ඒ නිසා මගේ මේ ජීවිතය දැන් බෝනස් එකක්. ඒ බෝනස් ජීවිතයට තෑග්ගක් ලෙස මාර්තු 8 වෙනිදා පොතක් කරන්න හිතුවා.
2009 වසරේ අවසන් යුද්ධය හා යුද්ධයෙන් පසු මාස කිහිපයක් ඇතුළත් වන පරිදි වසරක කාලයක් පුරා මානුෂවාදී පුවත් වාර්තාකරණය ගැන පුවත්පත් නිරීක්ෂණය කරමින් ලියූ තීරු ලිපි මාලාවක් තමයි පොතක් බවට පත් වෙන්නේ. කවදත් අදරැති ඔබ සමඟපුංචි තැනක, පුංචි සාකච්ඡාවක් සූදානම් කළේ සිහිවටනයක් ලෙස. පොත තවම මුද්‍රණයේ. මේකයි කවරය
තැන - ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය
දිනය සහ වෙලාව - 2019 මාර්තු 08 - සවස 3. 00
ලිපිනය - අංක 96, බර්නාඩ් සොයිසා මාවත (කිරුළ පාර) කොළඹ 5”