චිත්‍රපට නිෂ්පාදනයට බදු සහන
දේශීය චිත්‍රපට නිෂ්පාදනය සඳහා බදු සහන නැවත ලබා දීමට කටයුතු කරන බව නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
අද (06) දින පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මේ බව පවසා ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දිනෙක ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ පැනයකට පිළිතුරු වශයෙනි.
අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති පරිදි චිත්රාගාර,කාර්මික අංශයේ යටිතල පහසුකම් ලබාදීම සඳහා පවතින ගැටළු හඳුනාගෙන කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති අතර ඊ- ටිකටින් ක්‍රමය සිනමා ශාලා සඳහා හඳුන්වාදීමට ද සැලසුම් කොට ඇත.
එසේම සිනමාශාලාවල ප්රක්ෂේපණ යන්ත්‍ර ඩිජිටල් තාක්ෂණය යටතේ ලබාදීමට ඉල්ලුම් කර ඇති බව ද වැඩි දුරටත් ඔහු පවසා තිබේ.