"අසන්ධිමිත්තා" ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙලට
ආසියානු කලාපීය රටවල සිනමාපට උදෙසා පමණක් විවෘත වන ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙල (Osaka Asian Film Festival) 14 වෙනි වරටත් අද දින (08) සවස ඔසාකා නුවරදී ආරම්භවීමට නියමිත අතර, එහිදී අසෝක හඳගම අධ්යක්ෂණය කල "අසන්ධිමිත්තා" සිනමාපටය උළෙලේ ප්රධානතම තරඟකාරි අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. මෙය ශ්රී ලාංකේය සිනමාපටයක් ඔසාකා ආසියානු උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද දෙවන අවස්ථාව වන අතර , මීට පෙර 2018 වසරේ සෝමරත්න දිසානායකගේ අන්ඩර්පෑන්ට්ස් තීෆ් (Underpants Thief) සිනමාපටය උළෙලේ ප්රධානතම තරඟකාරී අංශය නියෝජනය කළේය.
2006 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ඔසාකා ආසියානු සිනමා උළෙලේ 14 වෙනි අදියරේ ප්රධාන සම්මානයන් සඳහා ශ්රී ලංකාවේ "අසන්ධිමිත්තා" ඇතුළුව චීනය, ජපානය, දකුණු කොරියාව ,පිලිපීනය, හොංකොං, වියට්නාමය, ඉන්දියාව, තායිවානය ආදි රටවල් නියෝජනය කරන දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 14 ක් තරඟ වදී. ඒ අනුව මාර්තු 13 සහ 17 යන දෙදිනයන්හිදී "අසන්ධිමිත්තා" මහජනතාව උදෙසා ප්රදර්ශනය කෙරේ. අද ඇරඹෙන සිනමා උළෙල එළඹෙන 17 වෙනිදා දක්වා ක්රියාත්මක වේ. දකුණු කොරියාවේ- බූසාන්, එස්තෝනියාවේ- ටැලින් බ්ලැක්නයිට්ස්, ඉන්දියාවේ- බැංගලූර් යානාදී උළෙලයන් නියෝජනය කල "අසන්ධිමිත්තා" සිනමාපටයේ සිව්වන අන්තර්ජාතික උළෙල නියෝජනය ජපානයේ ඔසාකා අසියානු උළෙල නියෝජනය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි