චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදක, ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු වන එච්.එස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සාමාන්‍ය අසනීප තත්ත්වයක සිටි ඔහු ඊයේ (15) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව සඳහන්.
මිය යන විට 68 වන වියේ පසුවූ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4.00ට ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකරන බව පවුලේ ඥාතීන් පවසයි.