ඔහු මෙරටින් ලෝකයට යා යුතු ම වූ සිතුවම් ශිල්පියෙකි
මේ ඉන්නේ කොල්වින් සෙට්ටිනායකය. හෙතෙම මෙරට වර්ණ රේඛාක්ෂරයෙන් මානවීය ඛේදය භාවමය ලෙස සිත්තම් කරන වෙසෙස් චිත්ර ශිල්පියෙකි. ඔහු කිසිදු ගුරුකුලයක්, පරම්පරාවක් නියොජනය නොකරන ඇකඩමික් නොවන සිතුවම් ශිලිපියෙකි. එසේම වසර 60ක පමණ ඉතිහාසය තුළ මුදලට නො විකුණුනු සිත්තරෙකි. කොටින්ම අද සිතුවම් අඳින බොහෝ සිත්තරුන්ට මෙන් සිතුවම් ඇඳීමට ම වෙන් වු අවකාශයක් ඔහුට නැත. ඒ සඳහා ඇත්තේ නිදන කාමරය යි. විශාල ලෙස වියපැහැදම් කර මිලදී ගන්නා ඇක්රලික් වැනි සායම්ද ඔහු සතුව නැත. එහෙත් ඔහුගේ සිතුවම ඒ කිසිදු දේකට ලඝු කළ නොහැකිය.
අද ලංකාවෙන් ලෝකයට තොග පිටින් සිතුවම් ශිල්පීන් හඳුන්වාදෙමින් තිබේ. එසේම සිතුවමට වඩා ඔවුන්ගේ ඇත්තේ පොරටෝක්ය. සිතුවමේ අඩුව වසාගන්නේ මේ වහල් චින්තනයේ ආනුභාවයෙනි. මා කොතරම් මෙරට තරුණ ඇකඩමියානු සිතුවම් ශිල්පීන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වා තිබුණද ඔවුන් කිසිවකු කොල්වින් සෙට්ටිනායක නම් සිත්තරකු පිළිබඳ හාන්කවිසියක් දැන සටියේ නැත. ඒ මෙරට සෞන්දර්ය ඇකඩමියාවේ කුහක වතය.
ඇත්තෙන්ම ලාංකේය සිතුවම් කලාවේ උරුමය රැගෙන උපන් මේ සිත්තරාට ලෝකය වෙත යෑමට දොරගුළු විවර නොවීම පුදුමයට කරුණකි. ඔහු මෙරටින් ලෝකයට යා යුතු ම වූ සිතුවම් ශිල්පියෙකි.
බටහිරට සැල්වදෝර් ඩාලි වටින්නේ යම්සේ ද කොල්වින් අපට ඊටත් වැඩිය වටීන්නේය. මන්දයත් කොල්වින් ඩාලි කරක් නොගැසූ ඉසව්වක පයතබා සිටින බැවිනි.
මෙවර සිළුමිණ පුවත් පතේ පුන්කලසේ සිත්තර පිටුව වෙන් වන්නේ ඔහු වෙනුවෙන් ය. බටහිර නොවන දැනුම් ආකෘතියකින් ඔහුව කියවන්න මම උත්සාහ කරමි.
එළඹෙන 22 වනදා සිට 25 වන දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය ඔහුගේ සිතුවමින් හැඩ වෙනවා. එන්න විරෝධකාල්පනික ඒ අරුමැසි සිත්යාතරා එහිදී ඔබට හමුවේවි.
රසික කොටුදුරගේ
https://mirrorarts.lk/news/4939-kolvin-settinayaka-190313#sigProIdf50cb8a127