Bohemian Rhapsody චිත්‍රපටයේ සමකාමි දර්ශන කපා චීනයේ ප්‍රදර්ශනයට
ලෝක ප්‍රකට ගායන ශිල්පී ෆ්‍රෙඩි මර්කරිගේ ජිවිත කතාව ඇසුරින් නිර්මාණය කරන ලද ඔස්කාර් සම්මාන හිමි Bohemian Rhapsody සිනමාපටය පසුගිය සතියේ දී චීනයේ ප්‍රදර්ශනය ඇරඹුණි.
කෙසේ නමුත් චිත්‍රපටය තිරගත කිරීමේදී ගායන ශිල්පියාගේ ලිංගික අනන්‍යතාව හෙළි කෙරෙන සහ ඔහුට ඒඩ්ස් රෝගය වැළඳුනු බවට දැක්වෙන දර්ශන සිනමාපටයෙන් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විනාඩි ගණනක දර්ශන මෙසේ ඉවත් කර ඇති අතර පුරුෂයින් දෙදෙනකු සිප ගැනීමේ දර්ශන සහ “Gay” යන වචනය ඇතුලත් දර්ශන කපා හළ කොටස් අතරට ඇතුලත් වේ.
මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සිය විරෝධය සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ පළ කර තිබුණි.
“සමකාමී දර්ශන කපා දැමීම අනිවාර්ය වන්නේ ඇයි? එය පුද්ගලයකුගේ ජිවිත කතාවක්.”
“චීනයේ Bohemian Rhapsody සිනමාපටය ප්‍රදර්ශනය කිරීම සතුටට කාරණයක් ඒත් දර්ශන කපා දැමීම නිසා කතාව බිඳිලා ගිහිල්ලා.”