චිත්රපට බෙදා හැරීමේ අර්බුදය ගැන සංවාදයක්
Barriers in film distribution
මාර්තු 30 වැනිදා සවස 3.30ට
“ලංකාවෙ චිත්රපටි හදලා පෙන්නගන්න බැරි අර්බුදය ගැන අපි දන්න කාලෙක ඉඳන් කතා කරනවා. මේකට යෝජනාවලි ඉදිරිපත් කරපු නැති කෙනෙක් ෆීල්ඩ් එකේ නැති තරං. හැමෝටම තම තමන්ගේ දැනුම් තේරුම් අනුව මේ අර්බුදයට විසඳුමක් තියෙනවා. හරියට ලංකාවෙ හැමෝටම රටේ ආර්තිකය හදන්න පුළුවන් හැටි ගැන අදහසක් තියෙනවා වගේම. අවාසනාවට මේ ගොඩක් විසඳුම් සිනමා පාරිභෝගිකයා එහෙම නැත්තං පේ්රක්ෂකයා පැත්තෙන් හිතලා ගත්ත ඒවා නෙමෙයි. කර්මාන්තයක් විදිහට තමන් වඳ නොවී ඉන්න හොයන ආරක්ෂණ ප්රයෝග. මේ සෙනසුරාදා කොටුවෙ ජනාධිපති මන්දිරේ ඉස්සරහ තියෙන හැච් එකෙත් මේ ගැන සංවාදයක් යනවා. මේක ඇමරිකානු එම්බසිය සහ ෆිල්ම් ඉන්ඩිපෙන්ඩන්ට් ආයතන සම්බන්ද වීමෙන් ග්ලෝබල් මීඩියා මේකර්ස් කියන ආයතනය සංවිධානය කරන වැඩක්. ලංකාවෙන් බූඩි, අනෝමා, සිලොන් තියටර්ස් නියෝජිතයෙක් මේ සාකච්ඡාවට එකතු වෙනවා. අලුත් පැත්තකින් අර්බුදය කියවන්න අදහස් ඉදිරිපත්වෙයි කියල හිතන්න පුළුවන් තැනක්.”
චින්තන ධර්මදාස