1970 දශකයේ සිනමා ශාලාවකට පේ්රක්ෂකයන් ඇදී යන්නේ ජනප්‍රිය නළු නිළියන්ගේ රංගනයන් දකින්නට පමණක්ම නොවේ. ජෝතිපාල ගේ හඩට ඇන්ජලීන්ගේ හඩට ලතාගේ හඩට ආකර්ශණය වන රසිකයෝ ගාමිනී මාලිනී විජයගේ නැටුම් ගැයුම් සටන් බලන්නට යන්නේ සංගීතයෙන් මුසපත් වෙමිනි.
ඒ මුසපත් වන හඩවල් ත්රිත්තවයේ එක් අමරණීය හඩක් වනුයේ ඇන්ජලීන් ගුණතිලකගේ හඩයි. ඇය ගේ හඩ ශෘංගාරාත්මකය.මත්වන සුළය.
ඔකඳවලො සිත ඔකඳවෙලා ගයන විට ඒ හඩට ඔකඳ නොවන ගීත රසිකයෙක් නැති තරම්ය. මට ආසයි හිනැහෙන්න මේ ජීවිතේ ගයන්නේද ඇයගේ ඒ ශෘංගාරාත්මක හඩින්මය. ජෝති ඇන්ජි ගී ගැයූ යුගය මෙරට සිනමාවේද සිනමා සංගීතයේද ස්වර්ණමය යුගයයි.
ඇන්ජලීන් අපේක්ෂා චිත්‍රපටය සඳ තනිවෙලා ගයද්දී මාලිනී ට ආර්ශණය වන පේ්රක්ෂකයෝ ඇන්ජලීන්ගේ හඩ අමතක නොකරති. ඇන්ජලීන් ගේ ඒ හඩ අදටත් අපේක්ෂා චිත්‍රපටයේ මාලිනීගේ රංගනය වෙතට මනසින් ගෙන යන්නට සමත්වෙයි. ඒ ඇන්ජලීන්ගේ හඩ අදටත් ඇසෙනා නිසාය. මනසේ නින්නාදවන නිසාය.
අපිට බොහෝ සිනමා ගීත මතක තබා ගැනීමට නෙහැකිවුනත් මතක තබාගත හැකි අතලොස්සක් අතර ඇන්ජිගේ මිහිරි ගීත බොහෝමයකි.
ඇන්ජලීන් ,ජනප්‍රිය සිනමාව ජනප්‍රිය සිනමාවක් කරා ඔසවා තබන්නට ප්රමුඛව ඉවහල්වූ හඩ පෞරෂවයකින් යුක්ත වූ ගායිකාවක් විය.
ඇය කිසිවෙකුට නොදෙවෙනි විය. ඇය මෙරට ගීත ලොවේ රිදී සීනුවයි.
මුතු ගිරවී හද පාලුවේ ... බංගලි වළළු ගෙන එන්නයි පොරොන්දුව,කවදා හෝ සසර කතර,සුළං කුරුල්ලෝ ,සෙනෙහස පෑවා යළි හමුවූවා,පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මෙන්ම ඇය ගැයූ ජනප්‍රිය සිනමාවේ ගීත අමරණීයය.මේ ගී අද පරම්පරාවේ සුපර්ස්ටාර් වන්නන්ට නැතිවම බැරි ගීතය.
ඇන්ජලීන් ගුණතිලක මෙරට ගායනයේ ඉතිහාසයක් ගොඩනැගූ ගායිකාවකි. ඇයගේ හඩ නිහඩ වීමත් සමග යුගයක් නිමාවෙයි.
නමුත් ඒ හඩ යුග යුග ගනනේ අමරණීයව අපෙන් පසුද , අපගේ දූ දරුවන්ගෙන් පසුද, පරම්පරා ගණනාවක නොමියෙන හඩක් ලෙස අමරණීයව පවතිනු ඇත.
ඇය සිරුරින් නික්ම ගියද ඇගේ ඒ දිව්‍යමය ස්වර සප්තකහඩ ඔබේ සවන් යුග මත නිරන්තරයෙන් රැව්දෙනු ඇත. ඇන්ජලීන් නම් වූ ඇයව ඔබට සිහිවනු නිසැකය.
බොහෝ විට මෙවැනි කලාකරුවන් තමන්ගේ උපරීමය මේ රටේ කලාව වෙනුවෙන් කැප කර ජනතාව පිනවූවද අපි පෙරලා මේ කලාකරුවන්ට අපේ කෘතඥතාව පළ කර ඇතිදැයි යන්න පැනයකි
අපි ඇයට සුබ ගමන් පතන්නෙමු.