ලෝක ප්රකට සිනමාවේදිනි ඇග්නස් වර්දා අභාවප්රාප්ත වෙයි
බෙල්ජියමේ උපත ලද ලෝක ප්රකට ප්රංශ සිනමාවේදිනි ඇග්නස් වර්දා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට 90 හැවිරිදි වියේ පසු වූ ඇය 1960 ගණන්වල ඇතිවූ ප්රංශ නව රැල්ලේ සිනමාවේ පුරෝගාමියකු ලෙස සැලකුණි.
Cleo from 5 to 7, Le Bonheur සහ The Creatures ඇග්නස් වර්දා අතින් එවකට නිර්මාණය වූ සිනමා කෘති වේ.
1955 දී නිෂ්පාදනය කළ La Pointe Courte ඇයගේ ප්රථම සිනමා අධ්යක්ෂණය යි.
2017 වසරේ දී ඔස්කාර් ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ ඇග්නස් වර්දා එම සම්මානයෙන් පිදුම් ලද ප්රථම අධ්යක්ෂවරිය ද වේ.