“කාංචනා 3" නිළ පූර්ව ප්‍රචාරකපටය එළියට
රාඝව ලෝරන්ස්ගේ “කාංචනා” දමිළ සිනමාපටය මෙරට සිනමා රසිකයින් අතර ද ජනප්‍රියත්වයට පත් වුණා. ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණයක් වන මායා සිනමාපටය ද නිර්මාණය වුයේ කාංචනා හි අනුවර්තනයක් ලෙසිනි.
අත්භූත සහ හාස්‍ය රසයෙන් පිරි කාංචනා චිත්‍රපටයේ පළමුවැන්න එනම්, “මුනි” චිත්‍රපටය නිර්මාණය වන්නේ 2007 දී. ඉන් වසර හතරකට පසුව තමයි කාංචනා නිෂ්පාදනය වන්නේ.
මේ චිත්‍රපට දෙකෙහිම කතාව, තිර රචනය, අධ්‍යක්ෂණය මෙන්ම ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ද රාඝව ලෝරන්ස් විසින්.
කොහොම වුණත් මේ වනවිට කාංචනා තුන්වැනි සිනමාපටයත් නිර්මාණය වී අවසන්. සුපුරුදු පරිදි මෙවරත් අධ්‍යක්ෂණය සහ තිර රචනය රාඝව විසින් සිදු කර ඇති අතර ප්‍රධාන චරිතයට ද පණ පොවන්නේ ඔහු යි.
ඉන්දීය රුපියල් කෝටි 40කට අධික වියදමක් දරා නිර්මාණය කළ “කාංචනා 3” නිළ පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කළ අතර එය ප්‍රදර්ශනය ආරම්භ කරන්නේ එළඹෙන අප්‍රේල් 19 වැනිදා සිට යි.