නිප්සේ හසල් ඝාතන සැකකරු අත්අඩංගුවට
ඇමරිකානු රැප් ගායක නිප්සේ හසල් ඝාතන සැකකරු අත්අඩංගුවට ගත් බව එරට බලධාරීන් ප්රකාශ කර තිබේ.
29 හැවිරිදි එරික් හෝල්ඩර් නම් මේ පුද්ගලයා වෙඩි තැබීම සිදු වූ ස්ථානයෙන් පලා යමින් සිටි බව ලොස් ඇන්ජලීස් පොලිස් දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත.
හෝල්ඩර් සහ හසල් අතර ඇතිවූ පෞද්ගලික ගැටළුවක් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි විමර්ශකයෝ විශ්වාස කරති.
ජනප්රිය රැප් ගායක නිප්සේ හසල් සිය රෙදි පිළි වෙළඳසල ඉදිරිපිට සිටියදී වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පසුගිය ඉරිදා ය.
සබැඳි පුවත්
ප්රකට රැප් ගායක නිප්සේ හසල් වෙඩි ප්රහාරයකින් ජිවිතක්ෂයට