ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල අප්‍රේල් 10 වැනිදා
උසස් මාධ්‍ය සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා මාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන මෙහෙවර සහ ඔවුන්ගේ නිර්මාණශීලි දායකත්වය ඇගයීම උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධාන කරනු ලබන “ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල” එළඹෙන අප්‍රේල් 10 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සම්මාන උළලේ දී පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි, වෙබ් අඩවි යන ක්ෂේත්‍ර යටතේ සම්මාන 51ක් පිරිනැමෙනු ඇත.
එසේම මාධ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ප්‍රවීණයන් සිව්දෙනකුට දිවියේ එක් වරක් පමණක් පිදෙන “ජුරියේ විශේෂ සම්මාන” හා මුදල් ත්‍යාග එදින පිරිනැමීමට ද නියමිත ය.
මෙවර ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී සම්මාන ලබාදෙන්නේ 2017 වසරට අදාලව වන අතර සම්මාන සඳහා අයදුම්පත් 1674 ලැබී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 සම්මාන ලබා දීමට යෝජිත ක්ෂේත්‍ර පහතින්,
පුවත්පත් ක්ෂේත්රය
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වාර්තාව - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත ඡායාරූපය - පොදු
වසරේ ප්රශස්ත තීරු ලිපිය - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත කාටුන් නිර්මාණය - පොදු
වසරේ ප්රශස්ත පිටු සැලසුම - පොදු
වසරේ ප්රශස්ත විශේෂාංග ලිපිය - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත විමර්ෂනාත්මක පුවත - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
රේඩියෝ ක්ෂේත්රය
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වාර්තාව ඉදිරිපත් කිරීම - පොදු
වසරේ ප්රශස්ත ගුවන් විදුලි වැඩසටහන - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත ළමා වැඩසටහන - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත ගවේෂණාත්මක වැඩසටහන - සිංහල,ඉංග්‍රීසි,දෙමළ
වසරේ ප්රශස්ත අධ්‍යාපනික වැඩසටහන - සිංහල,ඉංග්රීසිල,දෙමළ
ටෙලිවිෂන් ක්ෂේත්රය
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වාර්තාව - සිංහල,ඉංග්රීසිල,දෙමළ
වසරේ ප්රශස්ත ප්රවෘත්ති නිවේදනය - සිංහල,ඉංග්රීසිල,දෙමළ
වසරේ ප්රශස්ත වැඩසටහන් ඉදිරිපත් කිරීම - සිංහල,ඉංග්රීසිල,දෙමළ
වසරේ ප්රශස්ත ගවේශනාත්මක වැඩසටහන - පොදු
වසරේ ප්රශස්ත වාර්තා වැඩසටහන - පොදු
වසරේ ප්රශස්ත සංවාදාත්මක වැඩසටහන - පොදු
වසරේ ප්රශස්ත අධ්‍යාපනික වැඩසටහන - පොදු
වෙබ් අඩවි ක්ෂේත්රය
වසරේ ප්රශස්ත ප්රවෘත්ති වෙබ් අඩවිය - පොදු
වසරේ ප්රශස්ත වෙබ් වාර්තාකරණය - පොදු
වසරේ ප්රශස්ත බහුමාධ්‍ය භාවිතය - සිංහල,ඉංග්රීසිල,දෙමළ
වසරේ ප්රශස්ත බ්ලොග් (Blog) රචක - පොදු