ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජන්ම දිනය “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශ කෙරේ
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දේශීය සිනමාව වෙනුවෙන් සිදුකළ මෙහෙවර අගයමින් එතුමන්ගේ ජන්ම දිනය යෙදෙන අප්‍රේල් 5 වැනිදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය අද (05) ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
රුපියල් ලක්ෂ 150 ක් වියදමින් ඉදිකෙරෙන සිනපති ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අනුස්මරණ කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද, අප්‍රේල් මස 05 වනදා “ජාතික සිනමා දිනය” ලෙස ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ගැසට් පත්‍රය අමාත්‍යවරයා විසින් සිනමාවේදිනි සුමිත්‍රා පිරීස්ට ප්රදානය කිරීම ද අද දින සිදු කෙරුණි.
එසේම තරංගනි සිනමා ශාලාව ද ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ශාලාව ලෙස විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නම් කර තිබේ.
ඡායා :සුදේශ් කරුණාතිලක ෆේස්බුක් ගිණුමෙන්