චිත්‍රපට සංස්ථාව එපා වාහෙට හොදි බෙදනා සේය. එයට ස්ථිර ආස්ථානයක් නොමැත. දැන් සජිත් පේ‍්‍රමදාසගේ අමාත්‍යාංශය ක් වූ සංස්කෘතික අමාත්‍යාංශය යටතේ චිත්‍රපට සංස්ථාව පවතී.
කලෙකට එය ජනමාධ්‍ය අමාත්‍යාංශයට අයිති වේ. රන්මිහිතැන්න ද මීට පෙර අයිතිව තිබුනේ ජනමාධ්‍ය අමාත්‍යාංශයටය. දැන් රන්මිහිතැන්න අයිතිව ඇත්තේ සංස්කෘතික අමාත්‍යාංශයටය.
සජිත් පේ‍්‍රමදාස රටවටේ ගම්උදාවල් හදමින් ජනතාවට නිවාස හදාදෙමින් යන අතර තුර ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා නමින් රටවටා උදාගම් හදා එතුමාගේ නම ඒ ගම්වලට යෙදන බව පසුගිය 5දා ජාතික සිනමා දිනයක් නම් කරමින් ප්‍රකාශ කර තිබිණි. එපමණක් නොව සජිත් සිනමාවේ උන්නතිය වෙනුවෙන් කරන්නාවූ ඉතා වැදගත් කාරණා කිහිපයක්ද ප්‍රකාශ කර තිබේ.
1.වත්මන් උදා ගම්මාන වැඩසටහන යටතේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නමින්හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජුල්පල්ලම ප්‍රදේශයේ ඉදිකෙරෙන සිනෙපති ලෙස්ටර් ජේම්ස් පීරිස්ගම කලා ගම්මානයට අමතරව දිවයිනේ අනෙක් දිස්ත්‍රික්ක 24 තුළද එතුමන්ගේ නමින් තවත් උදා ගම්මාන 24 ක් ආරම්භ කිරීම.
2.බොහෝ කලක සිට දේශීය සිනමා ක්ෂේත්රය දේශපාලනීකරණයට ලක්ව තිබූ බවත් දේශීය සිනමාව දේශපාලනීකරණයෙන් සහමුලින්ම නිදහස් කර 70 80 දශකවල පැවති සිනමාවේ ස්වර්ණමය යුගය නැවත නිර්මාණය කිරීමට කටයුතු කිරීම
3.ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි තරංගනී සිනමා ශාලාවිශ්රීමත් ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ශාලාව’ ලෙස නම් කිරීම.
4.රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය ප්‍රවීණ සිනමාවේදී ගාමීණී ෆොන්සේකා මැතිතුමන්ගේ නමින් නම් කිරීම.
5.ආචාර්ය ඩී. බී.නිහාල් සිංහ මැතිතුමන්ගේ නමින් චිත්‍රපට සංරක්ෂණාගාරයක් ආරම්භ කිරීම.
ඉහතකී කාරනා සැලකිල්ලට ගනිද්දී මේ සිනමාවේ උන්නතිය වෙනුවෙන් සජිත් ගන්නට යන ක්‍රියා මාර්ගනම් සිනමාව යනු සිනමා කර්මාන්තය යනු කුමක්ද යන්න ප්‍රථමයෙන් සජිත් කරුනු තේරුම් කර දිය යුතුව තිබේ. චිත්‍රපට කර්මාන්තය ට සංරක්සානාගාරයක් ගොඩනැගීම හොඳය. රන්මිහිතැන්න ගාමිනී ෆොන්සේකාගේ නමින් නම්කිරීමෙන් සිනමාවට වෙන සෙතක් නැති. රට වටේට ලෙස්ටර් මහතාගේ නිමින් උදාගම් හැදුවාට සිනමාවට වෙන සෙතක් නැත.එමෙන්ම තරංගනී චිත්‍රපට ශාලාව ලෙස්ටර් මහතාගේ නමින් නම් කරාට සිදුවෙන සෙතක් ද නැත.
මේවැනි අඳබාල යෝජනා ගෙන එන මේවාට උපදෙස් දෙන්නවුන් කව්රුන්ද?
සිනමාව දේශපාලනී කරණය වී නැත. දේශපාලකයන් යටතට චිත්‍රපට සංස්ථාව පැවරෙන විට ඒ ඒ අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි තීන්දු තීරණ වෙනස් කරමින් විකාර සිදුවන එක සැමදාම සිදුවෙමින් පවතී. දැන් සජිත් කරන්න යන්නේද ඔහුගේ උපදේශකයන්ගේ අභිමතයයි.
සිනමාව කර්මාන්තයක් ලෙස ගොඩ නැගීමටනම් සජිත්ට අවංක සහ සැබෑ උවමනාව ඇත්නම් කළයුතු බොහෝ දේ තිබේ.
අද වනවිට ලංකාවේ තරුණ තරුණියන් සිනමාව තුළ තම තමන්ගේ දක්ෂතාවන් පෙන්වමින් සිටී. මේ නිර්මාණ කරුවන්ට මුහුන දෙන්නට සිදුවන ගැටලු රාශියකි. සිනමා කර්මාන්තයේ අනාගතය රැුදී ඇත්තේ මේ නව නිර්මාණකරුවන් අතය. ඔවුන් සඳහා මෙන්ම වෘත්තීය ප්‍රවීණ සිනමා කරුවන් සඳහාද ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශණය කිරීම පිළිබඳවද ඉතා විශාල ගැටළු තිබේ. මේවා කාලයක සිට සාකච්ජා කරමින් බෝලය එහාට මෙහාට පාස් කරමින් පවතින තත්ත්වයක තිබේ. එහෙයින් මේවාට පිළිතුරු නොසොයා උදාගම් හැදීම හෝ කලාකරුවන්ගේ නමින් ශාලා නම් කිරීම ආදී වැඩකට නැති ක්‍රියා කිරීමෙන් සිනමා කර්මාන්තයේ උන්නතිය ඇතිකළ හැකි නොවේ.
මනෝ