මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ විජයබා කොල්ලය චිත්‍රපටයේ අවසන් නිර්මාණ කටයුතු මේ දිනවල සිදුකරමින් තිබේ.. ඒ කටයුතු අතරතුර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට පොලිසි යන්නට සිදුවූ කාරණාවක් මිරර් ආර්ට්ස් වෙත වාර්ථා විය.
තවත් මහාචාර්ය සුනිල් ආරියරත්න කෙනෙකු විසින් මේ දිනවල සමාජ ජාලා වල සිටින ගැහැනු ළමයින්ට මෙන්ම විශ්වවිද්‍යාල ගැහැනු ළමයින්ට දුර කථන ඇමතුම් දෙමින් ඔහුගේ චිත්‍රපටයක රගපෑම සඳහා ආරාධනා කර තිබේ.
මම මහාචාර්ය සුනිල් ආරියරත්න. මම චිත්‍රපටයක් කරනවා. ඒකට රගපාන්න අවස්ථාවක් දෙන්න පුළුවන් යැයි පවසා මේ දෙන දුරකථන ඇමතුම් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නම බාවිතා කරමින් ව්‍යාජ පුද්ගලයෙකු විසින් දී තිබේ. මෙය කව්රුහෝ පුද්ගලයෙකු විසින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කීර්ති නාමය ට හානියක් කිරීමේ අදහසින් යුක්තව කරන්නකි. මේ පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති අතර කතාකරන ලද පුද්ගලයාගේ දුරකථන අංකය මේ වනවිට ලබාගෙන ඇත. 076 9380875මේ එම දුරකථන අංකයයි.
මෙම අංකයෙන් දුරකථන ඇමතුම් දෙමින් මම මහාචාර්ය සුනිල් ආරියරත්න කියා පවසා ගැහැනු ළමයින්ට රගපාන්න අවස්ථා දෙමින් මෙම පුද්ගලයා කරන්නට සූදානම්වෙන්නේ මේ දරුවන් රවටාලීමයි.
සැබෑ මහාචාර්ය වරයා කිසිවිටක තමාව දුරකථනයෙන් තමාව මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස හඳුන්වා නොදෙන බව ඔහු ගේ සමීපතමයෝ දනිති. සැබෑ මහාචාර්යවරයා පවසන්නේ මම සුනිල් ආරියරත්න යනුවෙන් පමණි.
මෙවන් මානසික ව්‍යාධි ඇති පුද්ගලයන් මෙවන් ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් බාවිතා කරමින් බොහෝ ව්‍යසනයන් ඇති කරන බැවින් ඔබත් සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.