එච්.එම්. ජයවර්ධනයන්ගේ අවසන් කටයුතු 10 වැනිදා
අභාවප්‍රාප්ත ප්‍රවීන සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් 10 වැනි බදාදා පස්වරුවේ බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත යි.
69 වැනි වියෙහි පසුවූ එච්.එම්. ජයවර්ධනයන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (8) උදෑසන දිවියෙන් සමුගත්තේ ය.
ඔබයි රම්‍ය සඳ කිරණ, පූජාසනයේ ඔබ හිඳුවා, ප්‍රේමය නම් රාගයෙන් තොර, මිනිසෙකු පිට නැගි අසරුවෙකි, කඩමණ්ඩියේ දොළ අයිනේ, සයුරක් නොදුටු ගඟුලක්, බණ කියන රටක්, නුඹේ සිතට පුන්සඳ පායලා වගේ, සඟවන්න එපා හසරැල්, ප්‍රේමයේ විල්තෙරේ, සියක් ආයු ලැබ, මළ පොතේ අකුරු, සඳ තරු නිහඬයි, මා එක්කලා අමනාපව, ඔබ ඈත සද වී පායා, ඔබට මා ආදරය කළ බව මෙතරම්, ඇය යන්න ගියා මැකිලා, වීණාවී උර තලයේ රැඳෙන්න, රත්තරන් නෙත් දෙකින් වැනි ගීත විශාල ප්‍රමාණයක් සිය සංගීතයෙන් හැඩ කළ ඔහු මෙරට සංගීත ක්ෂේත්රය වෙනුවෙන් නිහඬ සේවයක් කළ නිර්මාණකරුවෙකි.
එච්.එම්. ජයවර්ධනයන්ගේ දේහය අප්‍රේල් 9 වැනිදා උදැසන 9 සිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ දී මහජන ගෞරවය සඳහා තැම්පත් කෙරේ.