කලකට පසු මධුරිගෙන් කතක් නර්තනයක්
ඉන්දීය රංගන ශිල්පිනි මධුරි ඩික්සිත් අති දක්ෂ රංගන ශිල්පිනියක පමණක් නොව අති දක්ෂ නර්තන ශිල්පිනියක ද වනවා.
කලකට පසු ඇය නර්තන දායකත්වය ලබා දුන් සිනමා ගීතයක් අද (09) අන්තර්ජාලයට නිකුත් කෙරුණා. නුදුරේ දී තිරගත වීමට නියමිත කලන්ක් සිනමාපටයේ ඇතුලත් මේ ගීතයේ නම “Tabha Ho Gaye”. ශාස්ත්‍රීය නර්තනයට සැබෑ ලෙස දක්ෂකම් කියන මධුරිගේ කතක් නර්තනයක් ද නැවත වතාවක් දැක බලා ගැනීමේ අවස්ථාව මේ සමඟින් ප්‍රේක්ෂකයින්ට හිමි වෙනවා.
මෙම ගීතයේ නර්තන නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවීන නර්තන අධ්යක්ෂ සරෝජ් ඛාන් සහ රෙමෝ ද සූසා විසින්. මධුරිගේ නර්තනයෙන් හැඩ වූ ඒක් දෝ තීන්, චෝලි කේ පීචේ ක්යා හේ, ධක් ධක් කර්නේ ලගා, මාර ඩාලා වැනි ගීතවල නර්තන අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ද සරෝජ් ඛාන් විසිනි.
අභිෂේක් වර්මන්ගේ අධ්‍යක්ෂණයක් වන කලන්ක් සිනමාපටයෙහි ආලියා භාත්, වරුන් ධාවන්, සන්ජේ දත්, ආධිත්‍ය රෝයි කපූර් සහ සොනක්ෂි සිංහා ද චරිත නිරූපණය කරනවා. මෙම සිනමාපටය අප්‍රේල් 17 වැනිදා සිට තිරගත කිරීමට නියමිත යි.