සිනමාවට 70ක් සපිරෙන මොහොතේ දේශීය සිනමාවේ නවතම චිත්‍රපටයක මුහුරත් උළෙලක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. දේශීය ශ්‍රීලාංකේය කාන්තාවන්ගේ ජීවන හරපද්ධතිය බොහෝ විට නිර්මාණය වී ඇත්තේ බෞද්ධ චරිත කතාවන් හි එන යශෝදරා දේවියගේ සංසාරගත කැපවීම හා පේ‍්‍රමය වෙනුවෙන් ඇය කළ පරිත්‍යාගයන් ඉවසීම් සහ ආදරය පදනම් කරගනිමිනි.
"බිම්බා දේවී හෙවත් යශෝධරා" නමින් බුද්ධ චරිතයේ සිද්ධාර්ථයන්ගේ ප්‍රියම්භිකාව පිලිබඳ සිනමා නිර්මාණයක් කිරීමට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සූදානම් වේ. වසර ගණනාවක් තිස්සේ කරුණු ගවේෂණය කරමින් මෙහි තිර රචනය නිර්මාණය කර ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. මෙම "බිම්බාදේවි හෙවත් යශෝධරා "මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 23වන සිනමා නිර්මාණයවන අතර ඔහුගේ සිනමා ජීවිතයේ සුවිශේෂී චිත්‍රපටය මෙය විය හැකිය.
මෙම සිනමා නිර්මාණය නිෂ්පාදනය කරණු ලබන්නේ සරසවි පොත් ප්‍රකාශන සමාගමේ අධීපති එච්ඩී පේ‍්‍රමසිරි මහතාය. ඔහු මේ වනවිට සිනමා නිර්මාණ කියිපයක්ම නිෂ්පාදනය කර ඇත.
මෙහි මුහුරත් උළෙල මෙම මස 20 දින බොරලැස්ගමුවේදී පැවැත්වීමට නියමිතය. මෙහි නළු නිළියන් කව්ද යන්න තවම හෙළිවී නැත. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග චිත්‍රපට ගණනාවක කැමරා ශිල්පියා වූ චන්න දේශප්‍රිය කැමරාවෙන්ද, පත්තිනි හා අලි කතාව චිත්‍රපටයේ කලා අධ්යක්ෂවරයා වූ බිමල් දුෂ්මන්ත කලා අධ්‍යක්ෂණයෙන්ද ,මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග සිනමා නිර්මාණ රැුසක සහාය අධ්යක්ෂණ කටයුතු කළ විමල් දේශප්‍රිය සහාය අධ්යක්ෂවරයා ලෙසද, තිළිණ ලක්ෂාන් හෙට්ටිගමගේ වස්ත්රාභරණ නිර්මාණ ශිල්පියා ලෙසද, ප්‍රියන්ත දිසානායක වේශ නිරුපණ ශිල්පියා ලෙසද, නිෂ්පාදන කළමණාකාරිනිය ලෙස මනෝහාරී හේවාවසම්ද, නිෂ්පාදන සම්බන්ධීකරණනයෙන් ඒ. ඩී රන්ජිත් කුමාර ද ,නර්ථන අධ්යක්ෂවරයා ලෙස චන්දන වික්‍රමසිංහ ද, සංගීත අධ්යක්ෂවරයා ලෙස රෝහණ වීරසිංහ ද ,නිළ ජායාරූප ශිල්පියා ලෙස සන්දේශ් බණ්ඩාර ද තිස්ස සුරේන්ද්‍ර සංස්කරණ ශිල්පියා ලෙස ද මෙම චිත්‍රපටය සඳහා දායක වීමට නියමිතය.මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මෙම වසර මැද භාගයේ දී සිදු කිරීමට නියමිතය.