නෝත්‍ර දාම් ගින්නෙන් දැවෙයි
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි මධ්‍යකාලින යුගයට අයත් දේවස්ථානයක් වන නෝත්‍ර දාම් හි දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 850ක් ඉපැරණි මෙම ගොඩනැගිල්ලේ වහල කොටස කඩා වැටි ඇති අතර ඝන්ටාර කුළුණු දෙක ඇතුළු ගලින් කරන ලද ප්‍රධාන සැකිල්ල ගින්නෙන් බේරා ගැනීමට හැකි වූ බව එරට බලධාරීහු පවසති.
ගින්න මැඩ පැවැත්වීමටත්, දේවස්ථානය ඇතුළත ගබඩා කළ කලාකෘති බේරා ගැනීමටත් ගිනි නිවන නිලධාරීන් ක්‍රියා කරමින් සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එරට ජනපති එම්මානුවෙල් මැක්රෝන් පවසා ඇත්තේ මේ සිදුවීම “බිහිසුණු ඛේදවාචකයක්” බවයි. එසේම පැරිස් නුවර ජනයා සහ සංචාරකයින් සේන් නදිය හරහා ඉදිකළ පාලම මතට වී අදහා ගත නොහැකි වූ මෙම සිදුවීම දෙස බලා සිටිනු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වික්ටර් හියුගෝ නම් අග්‍රගණ්‍ය ලේඛකයා ලියූ The Hunchback of Notre-Dame කෘතියට ද පාදක වූ, ප්‍රංශ ඉතිහාසයේ නිරූපකයක් වූ නෝත්‍ර දාම් හි ඇතිවූ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.