Bohemian Rhapsody ඩොලර් මිලියන 900ක ආදායම් වාර්තා ඉක්මවයි
සුප්රකට ක්වින් සංගීත කණ්ඩායමේ ප්රධාන ගායන ශිල්පී ෆ්රෙඩි මර්කරිගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ Bohemian Rhapsody සිනමාපටය ලොව පුරා ප්රදර්ශනය කිරීමෙන් ලත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 900 ඉක්මවා ගොස් තිබෙනවා.
ඔස්කාර් සම්මාන ලාභී චිත්රපටය මෙම ආදායම් වාර්තාව තැබීමට සමත් වුයේ පසුගිය ඉරිදා (14) දින අවසානයේ දී යි.
Bohemian Rhapsody හි ප්රධාන චරිතය සඳහා රංගන ශිල්පී රමී මලික් පණ පෙවූ අතර දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් ඔස්කාර් සම්මාන ඇතුළු ලෝක ප්රකට සම්මාන කිහිපයකින්ම ඔහු පිදුම් ලැබී ය.