බක් පුර පසළොස්වක පොහොය අද යි
මෙරට ශාසන ඉතිහාසයේ වැදගත් පොහොය දිනයක් ලෙස සැලකෙන බක් පුර පසළොස්වක පෝය අදට (19) යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූයේ අද වැනි පොහොය දිනක යි.
එසේම බුද්ධත්වය ලැබීමෙන් පසු උන්වහන්සේ ඥාතීන් සම්මුඛ වීමට වැඩම කළේ ද බක් පුන් පොහෝ දිනක යි.
මෙවැනි ශාසනික සහ ඓතිහාසික සිදුවීම් මත මෙරට සහ ලෝකවාසී බෞද්ධ ජනතාවට බක් පුර පසළොස්වක පොහොය වැදගත් වනවා.