“ඔබ මේ කරන්නේ මාගේ වෘත්තීය විනාශ කිරීමකි” චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
ප්‍රසංග වේදිකාවේ සිය ගීත ගායනා කිරීම සඳහා තමන් වෙනුවට ගායන ශිල්පින් නොවන ආදේශක යොදා නොගන්නා මෙන් ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ඉල්ලීමක් කර තිබේ.
තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
එම සටහන පහතින්,
“මා හිතවත් සංගීත සංදර්ශන සම්බන්ධීකරන, සංගීත ප්‍රසංගය සංවිධාන කරන හා මගේ ගීතවලට ආදරය කරන රසික රසිකාවියන් වෙත කෙරෙන කාරුණික ඉල්ලීමයී.
ඔබ සංවිධානය කරන සංගීත ප්‍රසංග සදහා මා විසින් වෙහෙස මහන්සී වී නිර්මාණය කරගත් ගීත සංගීත ප්‍රසංග සදහා ගායන ශිල්පීන් නොවන ආදේශකයින් යොදවා නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමී.
මගේ ගීත නිර්මාණය කර ගැනීම සදහා කාලය ,ශ්‍රමය , මුදල් ද ඇතුලුව ඉතාම වෙහෙස මහන්සී වී ගීත නීර්මාණ කර ගන්නා අතර මා වෙනුවෙන් ආදේශකයින් යොදවන්න එපා. එමගින් ඔබ මේ කරන්නේ මාගේ වෘත්තීය විනාශ කිරීමකී. මා අනුන්ගේ ගීත ගායනා කරමින් ජනප්‍රිය වු පුද්ගලයෙක් නොවෙමී. කරුණාකර මෙය කිරිමෙන් වලකින්න.මෙය මගේ අහිංසක ඉල්ලීමයී.”
- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි -