නීතිවිරෝධීව ගිනි අවි ළඟ තබාගැනීමේ චෝදනාවෙන් බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් නිදොස් කොට නිදහස් කිරීමට ජෝදාපූර් හි අධිකරණය ඊයේ පියවර ගත්තා.
ඒ, මීට වසර 17කට පෙර රාජස්ථාන් හි රක්ෂිතයක මුවන් දඩයම් කිරීමේ සිද්ධියකට අදාළවයි.
ඒ අනුව, දඩයම් කිරීමට අදාළ නඩු දෙකකින් දැනටමත් සල්මන් ඛාන් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
එහෙත් ඔහුට එරෙහිව පවරා ඇති 4 වැනි නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා.
මෙම නඩු විභාග වන සමයේදී තමන් වෙනුවෙන් දැක්වු පක්ෂපාතීත්වයට සල්මන් ඛාන් සිය රසිකයන්ට ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් යොමු කරමින් ස්තුතිය පළකර තිබෙනවා.