“පැරිසිය දැන් අසුන්දරයි” ප්රකට ප්රංශ අධ්යක්ෂවරයෙක් කියයි
ප්රංශ සිනමා අධ්යක්ෂ ජොන්-පියේ(ර්) ජුනේ ක්ෂේත්රය තුළ වැඩි සාර්ථකත්වයක් අත්කරගත්තේ 2001 දී අධ්යක්ෂණය කළ Amelie නම් රෝමාන්තික ප්රහසන සිනමාපටය සමඟිනි.
එම චිත්රපටය නිර්මාණය කළ ආකාරය ගැන කියවෙන මොකියුමන්ට්රියක් මේ දිනවල නිර්මාණය කරමින් සිටින බව ඔහු හෙළි කර තිබෙනවා. Indie Wire වෙබ් අඩවිය වෙත අදහස දක්වමින් ඔහු මේ බව පවසා ඇත්තේ.
Amelie සිනමාපටයේ දෙවැන්නක් නිර්මාණය කරන මෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් විශාල ප්රමාණයක් ඉවත දැමු අයුරු ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
මුල් සිනමාකෘතියේ ප්රධාන රංගන ශිල්පිනිය ඕඩ්රී ටෝටු මේ සඳහා එක් නොවන නිසාත්, පැරිස් නුවර රූගත කිරීම් සිදු කිරීමට අපහසු නිසාත් එය හොඳ අදහසක් නොවන බව ඔහු ප්රකාශ කර තිබුණි.
නගරය වටා ඉදිකිරීම් විශාල වශයෙන් සිදු කරන බැවින් “පැරිසිය දැන් අසුන්දරයි” යනුවෙන් වැඩිදුරටත් ඔහු පවසා තිබුණි.