2019 ගොඩගේ අත්පිටපත් තරගයට නිර්මාණ භාර ගැනේ
ගොඩගේ අත්පිටපත් තරගයට නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ඒ අනුව නවකතා, කෙටිකතා සංග්‍රහ, කාව්‍ය සංග්‍රහ, යොවුන් නවකතා යන අංශවලින් සිංහල සහ දමිළ මාධ්‍යයෙන් අත්පිටපත් භාරගන්නා අවසන් දිනය 2019 ජූනි මස 30 වැනිදා වේ.
fm අභය 12 ප්‍රමාණයේ අක්ෂර මගින් පිටු සකස් කර කෘතියේ නම පමණක් එහි සඳහන් කළ යුතු ය. එසේම තමන්ගේ නම ලිපිනය සහ දුරකථන අංක ආදි පුද්ගලික තොරතුරු ඇමුණුමක් ලෙස අත්පිටපත සමඟ ඉදිරිපත් කළ යුතු ය.
ගොඩගේ පොත් මැඳුර, 675, කුලරත්න මාවත,මරදාන, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ නිර්මාණ භාර දිය හැකි ය.