ප්රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් හිටපු බිරිඳට ගෘහස්ථ හිංසන චෝදනා එල්ල කරයි
තමන්ගේ හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ් කායික අපයෝජනයට ලක්කළ බවට එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන හොලිවුඩ් රංගන ශිල්පී ජොනි ඩෙප්, සම්බන්ධතාවය අතරතුර අපයෝජනයට ලක්වුයේ තමන් බවට කරුණු ගෙන හැර දක්වයි.
රංගන ශිල්පිනියට එරෙහි ඩොලර් මිලියන 50ක අපහාස නඩුවට අදාළව අලුතින් ගොනු කරන ලද නඩු ලේඛනවලින් ඔහු මෙම චෝදනා එල්ල කර තිබේ.
“හර්ඩ් මෙනවිය 2016 දී පළමුවරට චෝදනා එල්ල කළ දිනයේ පටන් මම ඒවා දැඩි ලෙස ප්රතික්ෂේප කර සිටියා” යනුවෙන් ජොනී ඩෙප් පවසයි.
සිය සේවාදායකයා වෙත එල්ල කරන චෝදනා හර්ඩ්ගේ නීතිඥයා විසින් ප්රතික්ෂේප කර ඇත.
තමන් ගෘහස්ථ ප්රචණ්ඩත්වයට ලක්වුයේ යැයි පසුගිය දෙසැම්බරයේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට ඇම්බර් හර්ඩ් ප්රකාශ කිරීමෙන් පසු ඇයට විරුද්ධව අපහාස නඩුවක් ගොනු කිරීමට ඩෙප් කටයුතු කර තිබුණි.